Other

 වැඩසටහන: හෙල කලා ලොවින්  බිදක්

ඉදිරිපත් කිරීම:නදීශා  මදුශානි

(play-sigature tune track)


අද අපේ විශේෂාංගයෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කලා ලොව පිලිබදවයි.මේ සදහා අප මැදිරියට පැමිණි සිටින වෘත්තියෙන් සංචාරක මාර්ගෝපදේශිකාවක් වන ශීලා වෛද්‍යරත්න මහත්මියව ආදරයෙන් සහ ගෞරවයෙන් පිලිගනු ලබනවා.


ඉතින් ශීලා මහත්මිය අපට කියන්න.අද අපේ විශේෂාංගයට බව තෝරාගත් පෞරාණික ස්තානය පිලිබදව විස්තර ටිකක්...



ඇත්තෙන්ම මම අද තෝරාගත් ස්තානය වන්නේ අනුරාධපර දිස්ත්‍රීක්කයේ පිහිටි ලංකාරාමය හෙවත් මණිසෝමාරාමය යන විහාරයයි. ක්‍රි.පූ 1 වන සියවසේ දී වලගම්බා රජු විසින් මෙය නිර්මාණය කලා කියලා හෙළ වන තොරතුරුත් ගොඩක් මේ වෙනකොට අනාවරණයවෙලා තියෙනවා .ඒ වගේ මේ විහාර ඇති දාගැබත් ගොඩක් සුවිශේෂි එකක් 


හොදයි ඉතින් මහත්මිය දැන් අපට කියන්න ඔය දාගැබ ගැන විස්තර ටිකක්.


මෙම දාගැබ වටේ වටදානයකුත් ,දැනට වහලය පෙනෙන්ට නැතැත් එය රැදී තිබූ ගල් ටැම් පේලි තුනකුත් දුර සිට බලන විට කැටයම් හිස් සහිත ගල්ටැබ ද ගොඩක් ලස්සනට පේනවා. ඒ වගේම මෙම ස්තූපයේ විශ්මිත අඩි 4 ක් සහ විශාල ගල් පුවරු පැතිරුණි අඩි 10 ක් උස් වුන මේ මළුවට නගින්නට පියගැටපෙලවත් 4කුත් තියෙනවා.


ඉතින් අද වැඩසටහන නිමාව සනිටුවන් කිරීමට පෙර මා මෙය අවස්ථාවක් කර ගන්නවා .අද අපේ මැදිරියට පැමිනි ශිලා වෛද්‍යරත්න මහත්මියට ස්තූති කිරීමට .බොහොම ස්තූති ඔබ තුමියට .ඒ සමගම ලබන සතියෙත් ඔබගේ ආලින්දයට පැමිනෙන අරමුනින් සමුගැනීමටයි මේ සූදානම ඔබට සුබ දවසක්


----------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාවේ පිහිටි කදු අතරින් රඹුක්කනට ආභරනයක් එක් කරන කෑගල්ලෙ ඇති අලංකාරය වැඩි කරන ප්‍රසිද්ධ කන්දක් වන අලගල්ල කන්ද පිළිබදවයි මේ පවසන්නේ....


අලගල්ල කදු මුදුන ඇත්තේ මධ්‍යම පළාත හා සබරගමුව පලාත වෙන්වන මායිමේය. ඔබ කෙදිනක හෝ උඩරට දුම්‍රිය මාර්ගයේ ගමන් කර ඇත්නම් නිසැකව මෙම කදුවැටියදැක ඇති බව සැකයක් නොමැතිව කිව හැකිය. රබුක්කන දුම්රිය පසුවනවාත් සමගම දකුණු පසින් මෙම කදුවැටිය දැකගත හැකි වේ. මෙම කදු මුදුනේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1100 ක් පමන වන බව සමහර මූලාශ්‍ර සදහන් කරයි. කෙසේ වුවද අලගල්ල යනු ලංකාවේ කදු නගින්නන් අතර ඉතාම ප්‍රසිද්ධ කන්දක් බව නොරහසකි.


කදු මුදුන සදහා පැමිණිය හැකි ප්‍රදාන මාර්ග දෙකකි. බොහෝ දෙනෙක් ගමන් කරන මාර්ගය වන්නේ රඹුක්කන දුම්රිය ස්තානය අසලම ඇති ඉහල කෝට්ටේ දුම්රිය පොලෙන් බැස ගමන්   මාර්ගයයි. බොහෝ දෙනා මෙම මාර්ගය භාවිතා කරන්නේ උඩරට දුම්රිය සවාරියද ඉතා වින්දනීය එකක් වන නිසාවෙනි. 


ඉහල කෝට්ටේ දුම්රිය ස්තානයේ සිට  කන්ද වෙත ගමන් කරන්නේ නම් පළමුව අලගල්ල තේ කර්මාන්තශාලාව වෙත ගමන් කල යුතුය. ඉන් පසුව එතැන් සිට තේ වත්ත මැදින් ගමන් කල යුතුය .මද දුරකින්  හමුවන අඩි පාරෙන් කන්ද මුදුනටම ගමන් කල හැක. මෙහි අවසාන කොටස තරමක් අපහසු හා ඉතා පරිස්සමෙන් තරනය කල යුතු බවද සලකන්න.

-----------------------------------------------------------------------------------------------------------------------

𝙿𝚁𝙾𝙶𝚁𝙰𝙼𝙼𝙴 : දැනුමට විනාඩියක්

𝚃𝙸𝙼𝙴 : 1 විනාඩි 


සහරා කීවාම අපිට මුලින්ම මැවෙන්නෙ කාන්තාරයක් .... ඒත්... මීට අවුරුදු ලක්ෂයකට විතර කලින් වැලි වලින් වැහිලා තිබුනේ නෑ.... කීවොත් ඔයාට පුදුමයි නේද? ..... ඒ උනත් සහරාව හරහා ගංගාවන් 3ක් මධ්‍යධරනී මුහුදට ගලා බැහැලා තියෙනවා ලු . මෙහෙම කියන්නේ ගවේෂකයෝ... ඉතින් ඒ කාලේ ගස්, වැල්, සත්තුන් ඉදලා හරිම සාරවත්ව තිබිලා .ගවේෂකයෝ මේකට "ඉන්හර් හා" කියලත් තියෙනවා. මේක නම් හරි අපූරු ලෝකයක් වැලි කතරක් යට මෙච්චර හැංගිච්ච කතාවක් අහලා තිබුණේ නෑ නේද ? ... 

ඔන්න එහෙනම් දැනුමටව්මේක එකතු කර ගන්න .

-----------------------------------------------------------------------------------------------

ප්‍රතාපවත් රාවණා රජු දක්ශ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ උයන හග්ගල කන්ද ආශ්‍රිතව තිබූ බව පුරාවුර්ත වල කියැවේ..මේ හග්ගල් උද්භිත උද්‍යානය පිලිබදව විස්තර.... 


නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ 9km  පමන ගිය තැනදි හමුවන මෙය ලංකාවේ දෙවන උද්භීත උද්‍යානය  ලෙස සැලකේ.නුවරඑළිය දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්ක දෙක යා වෙන හග්ගල කදු වැටිය ආශ්‍රිතව පිහිටි හග්ගල උද්භිත උද්‍යානයට ඊසාන දිග  හා නිරිත දිග මෝසම්  වැසි ලැබෙන අතර වාර්ෂික වර්ශාපතනය මිලිමීටර් 2200 වේ. වසරකට දින 210 ක් වර්ශාව ලැබෙන මෙම උද්‍යානය සාමාන්‍ය උශ්නත්වය 3˚ -15˚ ක් අතර අවතින ඉසව්වකි. 


සොබාදහමේ අපූරු දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශ්‍රිතව පිහිටා ඇති අතර 2018 වසරේ අක්කර 500 ක් තොබුනාද අක්කර 68 කට පමනක් සීමා වී තිබුනි. මෙවර ප්‍රදාන වැවිලි 2ක් වූ කෝපි හා තේ වගාවන් ද පර්යේෂණ වශයෙන් සිදු කල ස්ථානයක් බව කියවේ. නුවරඑලි ප්‍රදේශයට ආවේණික කළු  වදුරෝද මෙහි දක්නට ලැබේ.


රේස උයන ,පලතුරු උයන, වීදුරු ගෘහය ,නෝක් ගිම්හාන නිවාසය, ඉහල පුශ්ප උයන, අධ්‍යාපනය හා ව්‍යාප්තිය ,බල්බ උයන, මද්‍යම පොකුණ හා පැළ විකුණුම් හල ආදී අංගනයන්ගෙන් සමන්විත අවුරුදු 150 කට අධික කලත් පැරණි හග්ගල උද්‍යානය අපූරු නිරිමාණයකි.

Comments

Popular posts from this blog

Media Workshop 2022

Student Parliament 2022