News (weekly)

 රිවිසද පුවත්


පුවත් සිරස්තල


* දීපවාලි උත්සවය අදයි.

සවිස්තර පුවත්

* හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා.විශ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත් කල හරගංසුරන්  නැමැති අසුරයා පරාජයට පත් කිරීම දීපවාලි දිනයේ දී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි .අදුර දුරලා සියලු සිත් තුල ආලොකය පැතිරේවා යන්න ප්‍රාර්තනා කරමින් ලොව හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය අද සමරනු ලබනවා.


පුවත් සමයි

------------------------------------------------------------------------------------------------------


රිවිසද පුවත්


:ප්‍රතමයෙන් සිරස්තල

*ලිඩ්ට්‍රඩ් අගමැතිදූරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කරයි.


* T20 ලෝක කුසලානයේ තීරනාත්මක තරග දෙකක් අද 


දැන් සවිස්තර පුවත් 

* එක්සත් රාජදානියේ  අගමැති ලෙස කටයුතු කල ලිඩ්ට්‍රඩ් එම දූරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කර තිබෙනවා.මෙතෙක් එක්සත් රාජදානියේ කෙටිම කාලයක් සේවය කල නායකයා බවට ලිඩ්ට්‍රඩ් පත්වන අතර ඇය සති 6ක පමන කාලයක් සිය දූරයේ කටයුය්හ් කර තිබෙනවා.


* මෙවර පන්දු වාර 20/20 ලෝක කුසලානයේ මූලක වටයේ බී කණ්ඩායමේ තීරනාත්මක තරග දෙකක් අද 21 පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව පලමු තරගය බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අයර්ලන්තය අතරද අද තරගය ඉස්කොට්ලන්තය හා සිම්බාබය අතරද පැවැත්වීමට නියමිතය. 


පුවත් සමාප්තයි.

-----------------------------------------------------------------------------------------------------------

රිවිසද පුවත්


සංස්කරණය:

ප්‍රකාශය


සිරස්තල:

*රිවිසද මද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් 


සවිස්තර පුවත්:

* රිවිසද මධ්‍ය විද්‍යාලයේ නව ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ආරම්භ කිරිමට කටයුතු කර ඇත.මෙහි මංගල සැසිවාරය මෙම මස 27 වන දින අරුණ ශ්‍රී රගහලේ දී පැවැත් වේ.මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුව අමාත්‍යාංශය 10 කින් සමන්විත වේ.


පුවත් සමාප්තයි.

---------------------------------------------------------------------------------------

රිවිසද පුවත් 


*සංස්කරණය : රේඛිකා සත්සරනි 

*ප්‍රකාශය: උසිත සම්පත්


ප්‍රතමයෙන් පුවත් සිරස්තල: 

* සතොස භාණ්ඩ මිල පහලට.

* සෞඛ්‍යධාන සංගමයට එකතු වීම.


දැන් සවිස්තර පුවත්.:

අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහල දැමීමට සතොස ආයතනය කටයුතු කර ඇත. මිල අඩු කල භාණ්ඩ ලැයිස්තුව මෙසේය.

*සුදු ලූණු

*පාන් පිටි

*හාල්මැස්සො

*කඩල

*පරිප්පු

*සුදු සීනි

*කැකුලු හාල්

නම් වේ.


*සෞඛ්‍යධාන සංගමයට බැදීමට කැමති සියලුම සිසුන්   ගෘහ විද්‍යා කාමරයෙන් අයදුම් පත් රැගෙන ඒවා සම්පූර්න කර අදාල ගුරුතුමිය වෙත ලබා දෙන ලෙස සෞඛ්‍යධාන සංගමයේ ප්‍රදානියා පවසයි.



ප්‍රවෘත්ති සමාප්තයි.

-------------------------------------------------------------------------------------------------

සංස්කරණය :චානක මොහාන්

ප්‍රකාශය: තක්ෂිලා මදුවන්ති


සිරස්තල 

*බෙංගාල බොක්කෙ සුලි කුනාටුව තව දුරටත් වර්දනය වෙයි


සවිස්තර පුවත්


* උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්දනය වී අද උදෑසන නැගෙනහිර මද්‍යම බෙංගාල බොක්කේ ආසන්නයෙන් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.


නැවතත් සිරස්තල

* බෙංගාල බොක්කෙ සුලිකුනාටුව තව දුරටත් වර්දනය වේ.


ප්‍රවෘත්ති සමාප්තයි.

--------------------------------------------------------------------------------

රිවිසද පුවත්


* 2022 තෙවන පාසල් වටය ආරම්භ කිරිම හා අවසාන කිරීම ගැන දැනුම් දීමක් 


*රිවිසද විද්‍යාලයේ පැවතීමට තිබු ක්‍රිකට් තරගාවලිය අද දින පැවැත්වේ.


දැන් සවිස්තර පුවත්


*2022 වර්ශයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස්  පෙල විභාගය පැවැත්වීමට අදාල කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව 2022 වර්ශයේ තෙවන පාසල් වාරයේ අදියර 3ක් යටතේ පැවැත්වෙන බවයි.අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සදහන් වේ. 


*අප විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ ක්‍රිකට් තරගාවලිය අද දිනයේ පැවැත්වීමට නියමිතය. ඒ අනුව 10,11,12,13,යන ශ්‍රේණි මෙම තරගාවලියට සම්බන්ද වෙනවා.මෙය උදෑසන 9.00 ට විද්‍යාලයෙ භූමියේ පැවැත්වීමට සූදානම් කර තියෙනවා.


ප්‍රවෘත්ති සමාප්තයි.

-------------------------------------------------------------------------------------------------------

රිවිසද පුවත්


ප්‍රතමයෙන් ශීර්ෂපාඨ 


* බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

* සුපිරි 12 වන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන 


දැන් සවිස්තර පුවත්


*දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුනය හේතුවෙන් ඉදිරියේදි ඩෙංගු රෝගීන් වැඩි වීමේ ප්‍රවනතාවක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිම රෝගීන් සංඛයාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඊට අමතරව මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම හා රත්නපුර දිස්ත්‍රීක්කවලින් ද විශාල රෝගීන් පිරිසක් වාර්තා වෙන බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.


*මෙවර පාපන්දු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා .ඒ අනුව 12 දෙනාගේ වටයේ 1වන කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල එම  කණ්ඩායම යටතේ ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමග තරග වැදීමට නියමිතයි.


ප්‍රවෘත්ති සමාප්තයි.

---------------------------------------------------------------------------------------------------------


Comments

Popular posts from this blog

Media Workshop 2022

Student Parliament 2022