Student Parliament 2022


 

2022.ඔක්තොම්බර් මස 27 වන දින උදෑසන 8.30 ට පමණ රිවිසද මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව අරුණ ශ්‍රී රංග ශාලාව පරිශ්‍රයේදි මෙසේ ආරම්භ වන ලදි.


ප්‍රතමයෙන් සෙන්කෝලය පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමත් සමගම කථානායක තුමියගේ සම්ප්‍රාප්තිය සිදු වු අතර ඉන් අනතුරුව ජාතික අභිමානය උදෙසා ජාතික ගීයත් පාසලේ අභිමානය උදෙසා පාසල් ගීයත් ගායනය සිදු වුනු අතර ඉන් අනතුරුව උත්සවත්ශ්‍රියෙන් පලමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විය. කතානායක තුමියගේත්, අගමැති තුමියගේත්, අනෙකුත් අමාත්‍ය වරුන්ගේත් ,මන්ත්‍රී වරුන්ගේත් දිවුරුම් ප්‍රකාශ සහ නිල ලාංජන පැලැන්ද වීම සිදු විය.ඉන් අනතුරුව ගැටලු සහ ඒවාට විසදුම් සෙවීමේ අවස්තාව උදා විය.සිසුන් කිහිප දෙනෙක්ම ඉතාම විශිෂ්ට ප්‍රශ්න විමසු අතර ඒවාට මනා පිලිතුරුද ලැබුනි.එම විසදුම් සියල්ල ක්‍රියාවෙන් පෙන්වන බවද අගමැතිවරිය සහ එම එක් එක් අමාත්‍ය දූර වලට අදාල අමාත්‍යවරුන් ප්‍රකාශ කරන්නට විය.ඉතාම ප්‍රශංසනීයව හා විශිෂ්ට ලෙස පලමු සැසිය අවසන් විය.ඉන් පසුව කතානායක වරයා සහ මහ ලේකම්වරයා පිටව ගියහ. නැවත සැසිවාරයක් පැවැත්වෙන දිනය ඉදිරියට ප්‍රකාශ වීමට නියමිත විය

Comments

Popular posts from this blog

Media Workshop 2022